Thursday, September 4, 2014

මධ්‍ය සැකසුම් ඒකකය(CPU-central procassing unit)

  1. පාලන ඒකකය(CU-control unit)
  2. අංක ගණිතමය හා තාර්කික ඒකකය(ALU-arithmetic and logic unit)
  3. මතක රෙජිස්තර(MR-memory registers)

Wednesday, September 3, 2014

OUT PUT DEVICES (ප්‍රතිදාන උපාංග)

OUT PUT DEVICES
    (ප්‍රතිදාන උපාංග)
(MONITOR)පරිගණක තීරය
පරිගණක තීර‍යේ විභේදනය(resolution) හා එයින් දර්ශනය කළ හැකි වර්ණ ගණන(number of colours) පරිගණක තීරයක ගුණාත්මක බව බැලීම සදහා භාවිත කරන දර්ශකයන්ය.පරිගණක තීරයක විභේදනය යන්නෙන් එහි වරකදී වෙන් වෙන්ව යොමු කළ හැකි රූප අංග(picture elements) ගණන කොපමණදැයි අදහස් කෙරේ.පරිගණක තීරයෙන් නිකුත් වන විකිරණශීලීතාව ද( radiation)පරිගණක තීරයේ තත්ත්වය මැනීම සදහා මිනුම් දණ්ඩක් ලෙස ක්‍රියා කරයි.
පරිගණක තිර
  1. කැතෝඩ තිර නළ(CRT-cathode raytubes)
  2. ද්‍රව ස්ථටික සංදර්ශකය(liquid crystal/LCD/fiat panels)

items(ලක්ෂණ)

  1. අඩු ඉඩ ප්‍රමාණය(less space)
  2. අඩු විදුලි බලය(less power consumption)
  3. තිරයේ සෙලවීම් අඩු බව(lack of flicker)
  4. මිල අධික බව(expensive)
  5. දර්ශනය වීම සීමිත පරාසයක වීම(limited viewing angle)

PRINTERS(මුද්‍රණ යන්ත්‍ර)
මුද්‍රණ යන්ත්‍රයෙන් ලබා ගන්නා පිටපත් දෘඩ පිටපත් (hard copies)ලෙසින් හදුන්වනු ලබන අතර සංඛ්‍යාංක ආකාරයෙන් ලබා දෙන පිටපත් හදුන්වනු ලබන්නේ මෘදු පිටපත්(soft copies) නමිනි.
තාක්ෂණික වශයෙන් මුද්‍රණ යන්ත්‍ර බෙදෙන අයුරු

  1. ඝට්ටනය භාවිතා කරමින් මුද්‍රණය සිදුකරන මුද්‍රණ (impact printers)යන්ත්‍ර
  2. ඝට්ටනය නොවන,වෙනත් තාක්ෂණික ක්‍රම භාවිතයෙන් මුද්‍රණය සිදුකරන මුද්‍රණ(non  impact printers)යන්ත්‍ර.

ඝට්ටනය භාවිතා කරමින් මුද්‍රණය සිදුකරන මුද්‍රණ (impact printers)යන්ත්‍ර
  • ඩේසි රෝද මුද්‍රකය(daisy wheel printer)
  • තිත් න්‍යාස මුද්‍රකය(dot matrix printer)
  • රේඛා මුද්‍රකය(line printer)



ඝට්ටනය නොවන,වෙනත් තාක්ෂණික ක්‍රම භාවිතයෙන් මුද්‍රණය සිදුකරන මුද්‍රණ(non  impact printers)යන්ත්‍ර.
  • තින්ත විදුම් මුද්‍රණ යන්ත්‍ර(ink jet/or bubbie jet/prin)
  • ‍ලේසර් තාක්ෂණ භාවිතා කරන මුද්‍රණ යන්ත්‍ර(laser prilnts)
  • තාප සංවදෙි මුද්‍රණ යන්ත්‍ර(themal printers)
  • උෟර්ධවපාතනය මගින්සායම් අතුරන මුද්‍රණ යන්ත්‍ර(dye sublimation printers)
තින්ත විදුම් මුද්‍රණ යන්ත්‍ර(ink jet/or bubble jet/prin)




Tuesday, September 2, 2014

INPUT DEVICES ආදාන උපාංග



INPUT DEVICES 
  ආදාන උපාංග

  1. keyboard(යතුරු පුවරුව)
මෙය පරිගණකයට දත්ත සහ උපදෙස් ඇතුළු කිරීමට යොදා ගන්නා මූලික උපාංගයකි.මෙය යතුරු ලියනයේ ඇති යතුරු පුවරුවේ දියුණු අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.මෙහි ඇති යතුරු ඉලෙක්ට්‍රොනික ස්විචයන් ලෙස ක්‍රියා කරයි.




keyboard(යතුරුපුවරුව)
MOUSE(මූසිකය)
පරිගණකයට උපදෙස් ලබා දීම සදහා භාවිත කරන ප්‍රධාන ආදාන උපාංගයක් ලෙස හැදින්විය හැකි මූසිකය මූලික ආකාර 02කි.
  1. යාන්ත්‍රික ආකාරය(MECHANICAL)
  2. යාන්ත්‍රික නොවනආකාරය(NON MECHANICAL)


(DIGITAL CAMERA)සංඛ්‍යාංක කැමරාව


අද නවීන ලෝකයේ මෙම කැමරාව බෙහෙවින් භාවිතා වේ.

  • ඡායා රූප ඇතුළු කිරීමට(pictures/images)
  • දළ සේයා පට භාවිතා නොකිරීම(non film negatives)
  • නිෂ්චල ඡායාරූප ගැනීම(still photograph)
  • වීඩියෝ දර්ශන සදහා(vidio)
LIGHT PEN(ආලෝක පෑන)
ආලෝක සංවේදී පරිගණක ආදාන ඒකකයක් වන ආලෝක පෑන පරිගණක ආශ්‍රිත නිර්මානකරනයේදී(CAD-computer aided drafting)සහ පරිගණක ආශ්‍රිත නිෂ්පාදන( CAM-computer aided manufacturing)ක්‍රියාවලියේදී බහුලව භාවිතා වේ.





SCANNER(සුපිරික්සකය)
ඡායාරූප හෝ චිත්‍ර(pictures/imeges) පරිගණක ගත කිරීමේදී හෝ පාඨ(text) පරිගණක ගත කිරීම සදහා සූපරික්සකය භාවිතා කරයි.පාඨ ඇතුළු කිරීම සදහා අනුලක්ෂණ සංජානන( OCR-optical character recognition)පහසුකම භාවිතා කරනු ලැබේ.



WEB CAMERA(වෙබ් කැමරාව)
විශේශයෙන්ම අන්තර්ජාලය හරහා කරනු ලබන සංවාද මණ්ඩප(chat sessions)
සදහා අවශ්‍ය වූ උපාංගයකි.මේ උපාංගය අද බහුල වශයෙන් භාවිතා වේ.



film production

film production











disign a bilding ICT

disign a bilding ICT