Tuesday, September 2, 2014

INPUT DEVICES ආදාන උපාංග



INPUT DEVICES 
  ආදාන උපාංග

  1. keyboard(යතුරු පුවරුව)
මෙය පරිගණකයට දත්ත සහ උපදෙස් ඇතුළු කිරීමට යොදා ගන්නා මූලික උපාංගයකි.මෙය යතුරු ලියනයේ ඇති යතුරු පුවරුවේ දියුණු අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.මෙහි ඇති යතුරු ඉලෙක්ට්‍රොනික ස්විචයන් ලෙස ක්‍රියා කරයි.




keyboard(යතුරුපුවරුව)
MOUSE(මූසිකය)
පරිගණකයට උපදෙස් ලබා දීම සදහා භාවිත කරන ප්‍රධාන ආදාන උපාංගයක් ලෙස හැදින්විය හැකි මූසිකය මූලික ආකාර 02කි.
  1. යාන්ත්‍රික ආකාරය(MECHANICAL)
  2. යාන්ත්‍රික නොවනආකාරය(NON MECHANICAL)


(DIGITAL CAMERA)සංඛ්‍යාංක කැමරාව


අද නවීන ලෝකයේ මෙම කැමරාව බෙහෙවින් භාවිතා වේ.

  • ඡායා රූප ඇතුළු කිරීමට(pictures/images)
  • දළ සේයා පට භාවිතා නොකිරීම(non film negatives)
  • නිෂ්චල ඡායාරූප ගැනීම(still photograph)
  • වීඩියෝ දර්ශන සදහා(vidio)
LIGHT PEN(ආලෝක පෑන)
ආලෝක සංවේදී පරිගණක ආදාන ඒකකයක් වන ආලෝක පෑන පරිගණක ආශ්‍රිත නිර්මානකරනයේදී(CAD-computer aided drafting)සහ පරිගණක ආශ්‍රිත නිෂ්පාදන( CAM-computer aided manufacturing)ක්‍රියාවලියේදී බහුලව භාවිතා වේ.





SCANNER(සුපිරික්සකය)
ඡායාරූප හෝ චිත්‍ර(pictures/imeges) පරිගණක ගත කිරීමේදී හෝ පාඨ(text) පරිගණක ගත කිරීම සදහා සූපරික්සකය භාවිතා කරයි.පාඨ ඇතුළු කිරීම සදහා අනුලක්ෂණ සංජානන( OCR-optical character recognition)පහසුකම භාවිතා කරනු ලැබේ.



WEB CAMERA(වෙබ් කැමරාව)
විශේශයෙන්ම අන්තර්ජාලය හරහා කරනු ලබන සංවාද මණ්ඩප(chat sessions)
සදහා අවශ්‍ය වූ උපාංගයකි.මේ උපාංගය අද බහුල වශයෙන් භාවිතා වේ.



No comments:

Post a Comment